2012-05-16 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.126.7700 , විකුණුම් මිල රු.130.6300 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.202.1700 , විකුණුම් මිල රු.209.0300 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.6800 , විකුණුම් මිල රු.166.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.133.5300 , විකුණුම් මිල රු.139.2900 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.125.1600 , විකුණුම් මිල රු.130.2900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.125.0800 , විකුණුම් මිල රු.130.5300 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.7800 , විකුණුම් මිල රු.103.7400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.5700 , විකුණුම් මිල රු.1.6346 |

''දේශීය කි‍්‍රකට් කී‍්‍රඩකයන් වෙනුවෙන් අප දස්කම් පදනම් කරගත් කොන්ත‍්‍රාත් ක‍්‍රමයක් හඳුන්වා දෙනවා. ඒ විතරක් නොවෙයි අප ගිවිසුම් ප‍්‍රමාණය අඩු කරන්නත් බලාපොරොත්තු වෙනවා. කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුමක් දිනාගන්න නම් වඩාත් හොඳ දස්කම් දක්වන්න කී‍්‍රඩකයන් දිරිගන්වන්නයි අප බලාපොරොත්තු වන්නේ” නිශාන්ත රණතුංග - කි‍්‍රකට් කී‍්‍රඩකයන් ගිවිසුම් ගත කිරීම සම්බන්ධයෙන්

''අප ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග ගිවිසුම් වලට බැඳී සිටින කී‍්‍රඩකයන් වෙන්නට පුළුවන්. ඒත් වඩාත් බරපතළ කාරණය වන්නේ අප කී‍්‍රඩා කරන්නේ රට වෙනුවෙන් කියන එකයි. අපේ කී‍්‍රඩා ලෝලීන් වෙනුවෙන් අප විසින් විශාල ණයක් ගෙවිය යුතුව තිබෙනවා. ඔවුන් නොමැතිව අපට මෙතැනට එන්න බෑ” කුමාර් සංගක්කාර - කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ වගකීම සම්බන්ධයෙන්  

”රවීන්ද්‍ර ජදේජා අන්තර්ජාතික තරග දිවියට පිවිසුනේ අයි. පී, එල්. තරගාවලියෙන්. ඔහු මේ වන විට විශාල දුරක් ගිය කී‍්‍රඩකයකු බවට පත්වෙලා, ඒක ඒ ඒ කී‍්‍රඩකයන් තමන්ගේ කී‍්‍රඩාව සකස් කර ගන්නා ආකාරය තමයි” මහේල ජයවර්ධන - අයි. පී. එල්. තරගාවලිය සම්බන්ධයෙන්

”මට කී‍්‍රඩකයන් වෙනුවෙන් කතාකරන්න බෑ. ඒත් මා සිටියේ කී‍්‍රඩකයන් සමගයි. ඔවුන් සෑම දෙනාම සිටියේ තරමක තැවුල් සහගත බවකින්” ”කී‍්‍රඩකයන්ගේ පැත්තෙන් බැලූවාම ඔවුන්ගේ පළමු ප‍්‍රතිචාරය වූයේ ‘මට නම් යන්න  ඕන නෑ’ කියන එකයි” ස්ටුවර්ට් ලෝ - බංග්ලාදේශ පිලේ පාකිස්තානු සංචාරය සම්බන්ධයෙන්

‘‘ඒක ඉතාමත් සතුටුදායක තරගාවලියක්. පළමු වැනි පහරේ සිටම මා හොඳින් ඉදිරියට ගියා. පන්දුවට වලට දැමීමේදී තරමක් සිත එකග කරගත නොහැකි වුණත් ලාහෝරයේ රාජකිය ගොල්ෆ් ක‍්‍රීඩාංගණයේදී හොදින් ක‍්‍රීඩා කිරීම ගැන මා සතුටු වෙනවා.’’    එන්. තංගරාජා - පාකිස්තානයේ 51 වැනි ආධුනික ගොල්ෆ් ශුරතාවලිය ජයගැනිමෙන් පසුව

‘‘ හොං කොං නුවරදී කළ පුහුණුවිම් වලින් අපට පෙනුනා මේ තරගාවලිය සඳහා අවශ්‍ය දේ අප සතුව තිබෙනවා කියන එක. අපේ මුලික අරමුණ ආසියාවේ හොඳම රග්බි කණ්ඩායම් පහ අතරට එක්වීමයි. ඊට අවශ්‍ය ධෛර්ය අපට තිබෙනවා. ’’ යෝෂිත රාජපක්‍ෂ - ආසියාවේ හොඳම රග්බි කණ්ඩායම් පහ අතරට එක්වීම සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට පෙර. 

‘‘එක හරිම කණගාටුදායක තත්වයක්. මා අයි. පී. එල්. තරගාවලියේ ඉතාමත් හොඳින් දස්කම් දක්වමින් සිටිනවා. මා හිතන්නේ මේකට හේතුව ඉරිසියාවයි.’’   කේවින් පීටර්සන්  - රගාවලියට ලැබිය යුතු ප‍්‍රසිද්ධිය දීමට එංගලන්ත පුවත් පත් මැලි විම සම්බන්ධයේන්.

”විනිසුරුවරුන් දෙන තීරණ පලනය කරන්න මට බෑ. අපි ඒ තිරණ පිළිගන්න  ඕනෑ. ඒත් මට එක දෙයක් යෝජනා කළ හැකියි.” ”ටෙස්ට් ක‍්‍රිකට් හෝ එක්දින ක‍්‍රිකට් තරග සදහා විනිසුරු තීරණ ක‍්‍රමවේදය ඇතුළත් කරනවා නම් ඒ සදහා අනිවාර්යයෙන්ම  ‘හොට් ස්පොට්’ විශේෂාංගය එක්විය යුතුයි.” තිලකරත්න ඩිල්ෂාන් - විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන්

‘‘ස්ථිර වශයෙන්ම එක්දින සහ විස්සයි/20 තරගවලදී මා පන්දු යැවිම නවත්වන්නේ නෑ එත් වඩාත් දීර්ඝ (ටෙස්ට්) ක‍්‍රිකට් කී‍්‍රඩාවේදි  මගේ කාර්ය ප‍්‍රමාණය කිසියම් ප‍්‍රමාණයකට කළමණාකරණය කරගන්න නම්  ඕනෑ’’ ඇන්ජලෝ මැතිව්ස් - තුන් ඉරියව් ක‍්‍රීඩකයකු ලෙසින් තම ආනාගතය පිළිබද පවසමින්.



‘‘තරගය පටන්ගන්නත් ඉස්සෙල්ලාම මා කිව්වා පළමු ඉනිම ඉතාමත් වැදගත් කියලා. විශේෂයෙන්ම මේ අපේ කලාපයේ ක‍්‍රීඩා කරන විටදි. ඒ වාසිය වේලාසනියේම ප‍්‍රයෝජනයට අරන් ප‍්‍රතිවාදින් පීඩනයට පත් කරන්න  ඕනෑ. එත් අපි ඒක කළේ නෑ’’  මහේල ජයවර්ධන - එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය සම වීමෙන් පසු.

”හේරත් දැනට මට සිටින වඩාත්ම පළපුරුදු පන්දු යවන්නායි. මෙහිදී විතරක් නොවෙයි ශී‍්‍ර ලංකාවෙන් පිටතදී පවා ඔහු තමන්ගේ වගකීම වටහාගෙන පන්දු යැවීමේ යෙදෙන කී‍්‍රඩකයෙක්.” මහේල ජයවර්ධන - පළමු ටෙස්ට් තරගය ජය ගැනිමෙන් පසු රංගන හේරත්ගේ මෑත කාලීන දායකත්වය සම්බන්ධයෙන්

”කඩුලූ 12 ක් ලබා ගැනිමත්  අංක 01 කණ්ඩායම පරාජය කිරීමට හැකිවීමත් නිසා ලොකු අශ්වාදයක් ලැබුවා. මුරලි නැති නිසා කණ්ඩායමේ අංක එකේ දඟ පන්දු යවන්නා වීම අතිරේක පීඩනයක් නොවෙයි. මට කළ හැකි දේ මා කරනවා” රංගන හේරත් - ශ්‍රී ලංකා කණ්ඩායම ගල්ලේ තරගය ජයගැනිමෙන් පසු.  

‘මැතිව්ස් නැවතත් කණ්ඩායමට කැදවා තිබුණත් ඔහු  පන්දු යවන්නේ නෑ’ අසන්ත ද මෙල් - ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාතික කණ්ඩායමට ඇතුළත් කිරිමෙන් පසු.

”බොක්සිං තහනම් කළ යුතු බවට දැන් යෝජනා ඉදිරිපත් වෙමින් තිබෙනවා” වෛද්‍ය ලාල් ඒකනායක - ක‍්‍රීඩා මාධ්‍යවේදීන් සඳහා වූ සමුළුව අමතමින්

”අපි අයින් වෙලා ඔවුන්ගේ ඉතිහාසය නිර්මාණය කරගන්න අලූත් පරම්පරාවකට බාර දෙන්න කාලය හොදයි” රහුල් ද්‍රවිඞ් - අන්තර් ජාතික ක‍්‍රීකට් පිටියේන් සමු ගැනීමේ තීරණය ප‍්‍රකාශයට පත්කරමින්

"ඔහුගේ මේ ප‍්‍රකාශය අපේ ඇස් ඇරගන්නට හොඳ පසුබිමක් සපයනවා විතරක් නොවෙයි ඔවුන් අප ගැන සිතන්නේ මේ ආකාරයෙන් කියා පැහැදිළි පණිවුඩයක් කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ටත් ගෙන යනවා. හොඳයි, ඔවුන්ගේ අදහස වෙනස් කරන්නට අපි බලමු” මහේල ජයවර්ධන - ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011  

"ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දෙවැනි පෙළ දකුණු අපි‍්‍රකානු පිලක් ප‍්‍රමාණවත්” කෙප්ලර් වෙසල්ස්- ශී‍්‍ර ලංකා පිලේ දකුණු අපි‍්‍රකානු සංචාරය - 2011

මා හිතන්නේත් එය (ගෙවීම් ප‍්‍රමාදවීම) කණගාටුවට කරුණක් තමයි. කලින් පැවැති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පරිපාලනය වැරදි රාශියක් කරලා තිබෙනවා විතරක් නොවෙයි මේ අවුල් සහගත තත්ත්වයට ඔවුන් කෙළින්ම වගකිව යුතුයි” පරිපාලනමය ප‍්‍රශ්න නිසා කී‍්‍රඩකයන් අනිවාරතේ විඳවනවා” සනත් ජයසූරිය - අවසන් තරගාවලි කිහිපය ම පරාජය වීම පිළිබද අදහස් දක්වමින්  

මේ වසරේ දෙසැම්බර් 31 වැනිදාට පෙර නිලවරණයක් තිබ්බොත් අපේ කී‍්‍රඩා පනත අනුව ලබන වසරේ මාර්තු  31 වැනිදාට පෙර තවත් නිලවරණයක් තියන්න සිදුවෙනවා. ඒත් මාස හතරක් ඇතුළත නිලවරණ දෙකක් පැවැත්වීමේ තේරුමක් නෑ” කී‍්‍රඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජනී ජයකොඩි - කි‍්‍රකට් නිලවරණය කල් දැමීමෙන් පසු

මේ නිලවරණය සඳහා ඉදිරිපත්වෙන්න මට කිසියම් බාධාවක් තිබෙනවාද කියා කවුරුහරි මගෙන් ඇසුවොත් ඔවුන්ට දෙන්න තියෙන ඉතාමත් පැහැදිළි සහ සෘජු උත්තරය තමයි ‘නැහැ’ කියන එක” තිලංග සුමතිපාල - කි‍්‍රකට් නිලවරණයට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කිරීමෙන් පසු

"ඇන්ජලෝ කියන්නේ මේ වෙලාවේ ලකුණු අතෙරේ සිටින දක්ෂ තරුණ කී‍්‍රඩකයෙක්. දිගු ඉනිමක් කී‍්‍රඩා කරන්න නම් ඔහුට තව අවස්ථා ලබා දිය යුතුයි. එය ඔහුට වගේම කණ්ඩායමටත් හොඳ දෙයක් වේවි" සනත් ජයසූරිය - ඇන්ජලෝ මැතිව්ස් පිතිකරු ලයිස්තුවේ ඉහළ දැමීම සම්බන්ධයෙන්  

"තණතීරුව පිතිකරුවන්ට තරමක් හො`දයි. ඒත් පන්දුව තරමක් වේගයෙන් එහි පතිත කරනවා නම් ඔහුට තණතීරුවෙන් සහයෝගයක් ලැබෙනවා. කෙහොම වුණත් මෙය හොඳ තණතීරුවක්. ඒත් ඛාන් මහන්සි වී පන්දු යැවීමෙන් හොඳ ප‍්‍රතිඵල ලබාගත්තා" ඇන්ජලෝ මැතිව්ස් - ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් ලකුණු 52 ක් ලබාගැනීමෙන් පසු

"මුලදී තරමක දෝලනයක් තිබ්බා. ඒත්  කොොහාම වුණත් මම මගේ යෝකර් පන්දුවත් සෙසු පන්දු මිශ‍්‍ර කරමිනුත් යොදා ගත්තා. මේ නිසා අපිට පුුළුවන් වුණා ශී‍්‍ර ලංකා කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට දවාලන්න.” ජුනයිඞ් ඛාන් - ශී‍්‍ර ලංකා පිලට එරෙහිව ලකුණු 38 කට කඩුලූ 5 ක් දවාගැනීමෙන් පසු

සභාපතිත්වය වෙනස් වුණා. ඒ නිසා මමත් මගේ තීරණය වෙනස් කළා. මම කැමතියි ආයේ පකිස්තානය වෙනුවෙන් කී‍්‍රඩා කරන්න.” සහීඞ් අෆ්රිඩි - නැවතත් පාකිස්තානු පිල නියෝජනය කිරීමට සූදානම් වීම සම්බන්ධයෙන්

එය ඉතාමත් උද්යෝගිමත් තරගාවලියක් වේවි. මා නායකත්වයට අලූත් නිසාම පසුගිය තරගාවලි දෙකේදීම බොහෝ දේවල් ඉගෙන ගත්තා. අප එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නියැළී නැහැ. මෙය ඊට හොඳ අවස්ථාවක් වේවි” ටී. එම්. ඩිල්ෂාන් - පාකිස්තානු පිලට එරෙහිව ඩුබායි සහ සාජාහිදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය පිළිබඳව

ශී‍්‍ර ලංකා පිල තරමක් අසීරු කණ්ඩායමක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තත්ත්වයත් තරමක් දුරට පාකිස්තානයට සමානයි. ඒ නිසා ටෙස්ට් තරගයක් දිනන්න අවශ්‍ය කඩුලූ 20 ක් දවාගන්න එක පන්දු යවන්නන්ට අසීරු අභියෝගයක් වේවි” මිස්බා උල් හක් - ශී‍්‍ර ලංකා පාකිස්තානු තරගාවලිය පිළිබඳව

මා ශූද්ධිවාදියෙක්. මා හිතන්නේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව තවත් ඉදිරියටත් පවතීවි. මේ කෙටි තරග වලට මා නම් කැමති නෑ. ඒක හරියට ශී‍්‍ර ලංකාවයි ඉන්දියාවයි හැම අගහරුවාදාම කී‍්‍රඩා කරමින් කී‍්‍රඩාවේ තිබෙන උද්වේගකර ස්වභාවය එයින් ඈතට ඇදගෙන යාමක් වගෙයි” ඉංගී‍්‍රසි ලේඛක ෂෙහාන් කරුණාතිලක -ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනාගතය පිළිබඳව

‘‘ක‍්‍රිකට් ලෝලීන්ගේ ඡුන්දයෙන් ජනප‍්‍රියම ක‍්‍රීඩකයා වීම මට විශාල ගෞරවයක්.  ඡන්දය ප‍්‍රකාශ කළ අයට පමණක් නොවෙයි ක‍්‍රීඩා කරන ආකාරය බලන්න එන සැමටම මම ස්තූතිවන්ත වෙනවා’’ කුමාර් සංගක්කාර

“දග පන්දු යවන්නන් තුන්දෙනෙක් කී‍්‍රඩා කිරීමේ හොඳ අවස්ථාවක් තියෙනවා. ඒත් මටත් ටිකක් දග පන්දු යවන්න පුළුවන්. අපි බලමු හොඳම දේ මොකක්ද කියලා”

ටී. එම්. ඩිල්ෂාන්

“කාසියේ වාසිය මට දිනාගන්න පුළුවන් නම් හොඳයි. මේ තණතීරුවේ පන්දුවට පහර දීම එන්න එන්නම අසීරුවෙයි.”

මයිකල් ක්ලාක්

අනූෂාගේ ඔලිම්පික් බලාපොරොත්තු දුරස් වෙයි

2012 මැයි මස 16 22:19:08

( සජීක ජයසිංහ )

චීනයේදී දැන් පැවැත්වෙන ලෝක කාන්තා බොක්සිං තරගාවලියේ කිලෝග‍්‍රෑම් 51 ෆ්ලයි බර පංතියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු පළමු වටයෙන්ම පරාජයට පත්වීම නිසා ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා ..

අදහස්(0) බැලූවෝ (701)

පාකිස්තානු ක‍්‍රීඩක ජම්සෙඞ් ට ශ්‍රී ලංකා සංචාරය අහිමිවෙයි

2012 මැයි මස 16 22:17:00

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

පාකිස්තානු එක්දින ක‍්‍රිකට් පිලේ ආරම්භක පිතිකරුවකු වන නසීර් ජම්සෙඞ් ආබාධයකට ලක්වීමෙන් ඔහුට ශ්‍රී ලංකාවේ තරග සංචාරය අහිමිව තිබේ. ජම්සෙඞ්ගේ වම් අතේ දබරැගිල්ල බිදීමක් සිදුව තිබෙන අතර ඔහුට ..

අදහස්(0) බැලූවෝ (324)

ශාන්ත පීතර විදුහල තවමත් පෙරමුණේ

‘සිංගර්’ ලීග් රග්බි තරගාවලිය - 2012

2012 මැයි මස 16 13:18:48

( යොහාන් භාසුර )

පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2012) තෙවැනි සතියේ තරග අවසන් වන විට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල තවදුරටත් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසු..

අදහස්(0) බැලූවෝ (538)

මහේලගේ දස්කම් දිල්ලි පිලට ජය ගෙනේ

2012 මැයි මස 16 11:49:44

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන නොදැවී ලබාගත් ලකුණු 56 නිසා දිල්ලියේදී පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගයේදී දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල විසින් කිංග්ස් xI පන්ජාබ් පිල කඩුලූ 5 න් පරාජය කරන ලදි...

අදහස්(7) බැලූවෝ (2215)

පලස්තීන ආරාධිත පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යයි

2012 මැයි මස 16 10:42:46

( නාමල් පතිරගේ )

ජෙරුසලම නගරයේදී පැවැත්වෙන පලස්තීන සහයෝගිතා ආරාධිත පාපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (17) ජෝර්දානයට එරෙහි පළමු තරගයට සහභාගිවීමට නියමිතය. ලබන සෙනසුරාදා (19) ශ්‍රී ලංකාව ටියුනී..

අදහස්(0) බැලූවෝ (179)

ජයසූරියලාට කැනඩාවෙන් පොල්ලක්

2012 මැයි මස 15 21:06:06

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවැති කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වූ ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය ඇතුළු අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් රැුසක්ම තරගාවලියේ පොරොන්දු මුදල් ලැබෙන ..

අදහස්(40) බැලූවෝ (10093)

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙළ සිරස නාලිකාවෙනුත්

2012 මැයි මස 15 19:47:34

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

එංගලන්තයේ ලන්ඩන් නුවරදී ජුලි මස 27 වැනිදා ආරම්භවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ විකාශය කිරීමේ අවස්ථාව මහරාජ මාධ්‍ය ජාලයේ එම්. ටී. වී. කී‍්‍රඩා නාලිකාවටත් හිමිව තිබේ. ඒ අනුව ජාතික රූපව..

අදහස්(17) බැලූවෝ (3064)

අවසන් පන්දුවේ හයේ පහර චෙන්නායි පිලට ජය ගෙනේ

2012 මැයි මස 15 13:56:27

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

බටහිර ඉන්දීය කී‍්‍රඩක ඞ්වේන් බ‍්‍රාවෝ විසින් තරගයේ අවසන් පන්දුවට ගසන ලද හයේ පහර නිසා කොල්කාටා හිදි  පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල විසින් කොල්කාටා නයිට් ..

අදහස්(0) බැලූවෝ (1950)

මුම්බායි ඉන්දියන්ස් පිලට කඩුලූ 5 ක ජයක්

2012 මැයි මස 15 13:52:01

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

බැංගලෝර් හිදි පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල විසින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල කඩුලූ 5 කින් පරාජය කරන ලදි. මෙම තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් රෝයල් චැලෙන්ජර..

අදහස්(4) බැලූවෝ (1920)

ශ්‍රේණිගත කිරීමේ කැරම් තරගාවලියේදී නිශාන්ත - රොෂිටා ශූරතා දිනා ගනිති

2012 මැයි මස 14 21:36:32

( සජීක ජයසිංහ )

ශ්‍රී ලංකා කැරම් සංගමය සංවිධානය කළ ශ්‍රේණිගත කිරීමේ කැරම් (කේවළ) තරගාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට නිශාන්ත ප‍්‍රනාන්දු සමත්විය. ජෝශප් රොෂිටා කාන්තා ශූරතාව දිනා ගත්තාය. මහරගම නේෂන්ස් ..

අදහස්(2) බැලූවෝ (339)

ඩයන් ගෝමස් බොක්සිං ශූරතාව ලීනියා පිලට

2012 මැයි මස 14 21:30:36

( සජීක ජයසිංහ )

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 3 වැනි ඩයන් ගෝමස් අභියෝග කුසලාන ආධුනික බොක්සිං තරගාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට ලීනියා ක්ලොතින්ග් පිල සමත්විය. මහනුවර පල්ලෙකැලේ ලීනියා ආ..

අදහස්(1) බැලූවෝ (592)

ශ්‍රී ලංකා ක‍්‍රිකට් - සමර්සෙට් ගිවිසුම වසර 15 කට අඩු කරයි

එස්.එල්.පී.එල්. විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලිය - 2012

2012 මැයි මස 14 20:42:02

( යොහාන් භාසුර , ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි )

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘ශ්‍රී ලංකා ප‍්‍රීමියර් ලීග් 2012’ (එස්.එල්.පී.එල්.) විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියේ සම්බන්ධීකරණ ආයතනය වන සමර්සෙට් ආයතනය සමග ගිවිසුම් කාලය වසර 15 ක් දක්වා ..

අදහස්(2) බැලූවෝ (2576)

දිල්හාර ප‍්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ

2012 මැයි මස 14 15:18:49

( යොහාන් භාසුර )

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් පිල ඉදිරියේදී සහභාගි වීමට නියමිත පාකිස්තානු සහ ඉන්දීය, ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලිවලට සහභාගි වීම සඳහා කණ්ඩායම් තේරීම සඳහා නම් කර ඇති 30 දෙනකුගෙන් යුත් සංච..

අදහස්(27) බැලූවෝ (3111)

මුබාරක් ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට එයි

2012 මැයි මස 14 14:54:32

( මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි )

ශ්‍රී ලංකා ‘ඒ’ ක‍්‍රිකට් පිලේ දකුණු අප‍්‍රිකානු සංචාරය සඳහා කණ්ඩායම තෝරාගැනීම සඳහා නම් කර ඇති 17 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට ටෙස්ට් ක‍්‍රීඩක ජෙහාන් මුබාරක් ඇතුළත්කර තිබේ.       ශ්‍..

අදහස්(4) බැලූවෝ (2081)

ලසිත් මාලිංගට 40% ක් පමණයි

2012 මැයි මස 14 14:14:44

( යොහාන් භාසුර )

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ 2012 වසරේ වාර්ෂික ක‍්‍රීඩක ගිවිසුමේ පළමු ශ්‍රේණියට ඇතුළත්ව සිටින වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග, ටෙස්ට් ක‍්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීම නිසා ඔහුට එම ශ්‍රේණි..

අදහස්(42) බැලූවෝ (5740)

ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේදී දෙදෙනකුට ලෝක තරග වරම්

විනිසුරු දීමනා ගෙවීමේදී අර්බුදයක්

2012 මැයි මස 14 09:52:30

( නාමල් පතිරගේ )

දියගම ‘මහින්ද රාජපක්ෂ’ ක‍්‍රීඩාංගණයේදී ඊයේ (13) නිමාව දුටු 55 වැනි ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් දෙදෙනකු ලෝක කනිෂ්ඨ පරිසාධන මට්ටමට පිවිසෙමින් දස්කම් දැක්ව..

අදහස්(0) බැලූවෝ (410)

ශ්‍රී ලංකා පිලේ නිලධාරියකු හීතෲ ගුවන්තොටේ රඳවාගෙන ප‍්‍රශ්න කරයි

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ කොදෙව් සංචාරය

2012 මැයි මස 14 09:48:57

( යොහාන් භාසුර )

බටහිර ඉන්දීය කොදෙව් සංචාරය නිමකර නැවත පැමිණෙමින් සිටි ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකරුවකු එංගලන්තයේ හීතෲ ගුවන්තොටුපළේදී සිය ගමන් බලපත‍්‍රය සම්බන්ධයෙන් එහි බලධාරීන්ගේ ප‍්..

අදහස්(6) බැලූවෝ (1846)

කුලරත්න විදුහලේ මලල ක‍්‍රීඩකයෝ වෙනත් පාසලක ලැයිස්තුවෙන් එති

නීති විරෝධි ක‍්‍රියාවක් බවට විදුහල්පති අධ්‍යාපන ලේකම්ට පැමිණිලි කරයි

2012 මැයි මස 14 09:46:30

( යොහාන් භාසුර )

අම්බලන්ගොඩ කලාප මලල ක‍්‍රීඩා උළෙලට සහභාගි වීමට නියමිතව සිටින බව කියන අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලේ ක‍්‍රීඩකයන් තිදෙනකු එම ප‍්‍රදේශයේ වෙනත් පාසලක ක‍්‍රීඩක ලැයිස්තුවට නීති විරෝධි ල..

අදහස්(0) බැලූවෝ (484)

පළාත් ක‍්‍රිකට් පුහුණුකරුවන් අතරට හිටපු ටෙස්ට් ක‍්‍රීඩකයෝ තිදෙනෙක්

2012 මැයි මස 13 21:09:08

( යොහාන් භාසුර )

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පත්කර ඇති නව පළාත් පුහුණුකරුවන් 10 දෙනා අතරට හිටපු ටෙස්ට් ක‍්‍රීඩකයෝ තිදෙනකු ඇතුළත්ව සිටිති. 1996 ලෝක ශූර ශ්‍රී ලංකා පිල නියෝජනය කළ රවින්ද්‍ර පුෂ්පකුමාර, උතුරු පළාත..

අදහස්(1) බැලූවෝ (2473)

ශ්‍රී ලංකා ක‍්‍රිකට් වාර්ෂික ගිවිසුමට ක‍්‍රීඩකයෝ 60 ක්

2012 මැයි මස 13 20:23:01

( යොහාන් භාසුර )

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය 2012 වසරේ වාර්ෂික ක‍්‍රීඩක ගිවිසුමට ක‍්‍රීඩකයන් 60 දෙනකු නම් කර තිබේ. එහි ප‍්‍රධාන ගිවිසුමට ශ්‍රේණි 6 ක් යටතේ ක‍්‍රීඩකයෝ 20 ක් ඇතුළත්ව සිටින අතර පළාත් ගිවිසුමට ශ්‍රේණ..

අදහස්(10) බැලූවෝ (2093)

 1 2 3 >  Last ›