2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

බෙනාසීර් බූතෝ ගෞරව සම්මානය අවුන් සාන් සූ කීට

2012 ජනවාරි මස 27 10:38:45 | ඒ.එෆ්.පී , යැංගොන් නුවරදීය

Share

ද්වී පාර්ශ්වීක වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව මියන්මාරයේ සංචාරයක යෙදෙන පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි ඊයේ (26) මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී හමුවී ඇයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පිරිනැමෙන ‘බෙනාසීර් බූතෝ’ සම්මානය පිළිගැන්වූයේය.

මියන්මාරයේ     ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සහ මියන්මාර වැසියන්ගේ හිතසුව පිණිස ජීවිතය කැප කළ සූ කී ඇගැයීමට ලක් කරමින් එම සම්මානය ඇයට පිරිනමන බව පාකිස්තාන ජනාධිපතිවරයා පැවැසුවේය.

නොබෙල් සාම ත්‍යායාගයෙන් ද පිදුම් ලැබූ  සූ කී ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පිරිනැමෙන බෙනාසීර් බූතෝ‘ සම්මානය ඉතා නිහතමානීව පිළිගත් බවද ජනාධිපති සර්දාරි පැවැසීය. ඝාතනයට ලක් වූ බෙනාසීර් බූතෝගේ සැමියා වන්නේ ද ජනාධිපති අල් සර්දාරිය.

සම්මානය ප‍්‍රදානය සිදුවූයේ යැංගොන් නුවර පිහිටි සූ කීගේ නිවසේදීය. එම අවස්ථාවට බෙනාසීර් බූතෝගේ සහ ජනපති සර්දාරිගේ දියණිය අෂීෆා ද සහභාගී වූවාය.

හමුදා පාලනය අවසන් කිරීමෙන් පසු මියන්මාරයේ දැන් පවතින්නේ සිවිල් රජයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ අරමුණින් මියන්මාර නව සිවිල් රජය, දේශපාලන ප‍්‍රතිසංස්කරණද හඳුන්වා දී ඇත.

අදහස්(0) බැලූවෝ (966)

බෙනාසීර් බූතෝ ගෞරව සම්මානය අවුන් සාන් සූ කීට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :