දොස්තරගෙ ගෙදර ටැංකියට වස දාලා
2012 පෙබරවාරි මස 22 22:53:39 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
සෙවනගල රෝහලේ ප්රධාන වෛද්ය චාමින්ද විතාරණගේ නිල නිවසේ ජල ටැංකියට එම්.සී.පී.ඒ නම් වල් නාශකය මුසුවී ඇතැයි රජයේ රස පරීක්ෂක ඇඹිලිපිටිය උසාවියට වාර්තා කර ඇත. එහෙත් රෝහලේ ටැංකියේ ජලයට කිසිවක් මුසුවී නැතැයි රසපරීක්ෂක කියයි. වස දැමී යයි සැකපිට රෝහල් සේවක එස්.ඩී නිමල් රංජිත් ද, ඔහුට ඒ සඳහා උදව් කළැයි කියන දොස්තර ජී.පී.එම් චන්දන ද බ්රහස්පතින්දා වනතුරු රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
2-මීතයිල්-4- ක්ලෝරෝෆෙනොක්සි ඇසිටික් ඇසිඩ් නම් මෙම වල් නාශකය ජලයේ පහසුවෙන් දියවේ. එය ඇමෙරිකාවේ පාවිච්චිය සීමා කර ඇත.
පිළිකා පර්යේෂණ පිළිබඳ අන්තර්ජාතික ඒජන්සිය පවසනුයේ මෙම වල් නාශකයේ පිළිකා කාරක රසායන ඇති බවයි. ශරීරයට ඇතුළුවන වස මළ සමග දින පහකින් මුළුමනින්ම ඉවත්වී යන බව ද, එහෙත් ඇස් හා සමේ දැවිල්ල, යටිබඩේ වේදනාව, ඕක්කාරය, වමනය, ඇඟ දුර්වලවීම හා සිහිය නැති වීම රෝග ලක්ෂණ අතර වේ.
ගැබිනි මව්වරුන් එම්.සී.පී.ඒ රසායනයට නිරාවරණය නොවිය යුතුයැයි රසායන විද්යාඥයෝ පවසති.
අදහස්(3)
බැලූවෝ (8627)
දොස්තරගෙ ගෙදර ටැංකියට වස දාලා සඳහා ලැබී ඇති ප්රතිචාර.
විමල් බණ්ඩාර 2012-02-22 23:55:38
නීතියෙන් බේරුණත් ලෝක ධර්මයෙන් ඔය දොස්තරට දඩුවම් ලැබේයි..
හේගොඩ 2012-02-23 01:08:32
මේ වගේ අයට නීතියෙන් හොද දඩුවම් දෙන්න ඔන්න..
Yoonus alavi 2012-02-23 08:02:13
දැන් තියෙන්නේ දොස්තර බිස්නස් එකනේ..තරගකාරී දොස්තර බිස්නස් එකේ දී මේවා බලාපොරොත්තු වෙන්න සිද්ද වෙයි...
මර්වින්ගේ රන් රහස හෙළිවෙයි
(83)
(23023)
තාත්තාගෙන් බේරෙන්න පෙම්වතා සමග හෝටලයට රිංගූ තරුණිය අයියාට අසුවේ
(55)
(22257)
අධික වේගයට නොවරදින බේතක්
(16)
(18126)
යකඩ මිනිහෙක් ඇන්ජිමේ එයි
(32)
(17832)
ඉබේ ඇරෙන ගේට්ටුවට ඉබේම ගෙල සිරවේ
(35)
(16986)
බසයක් කිරිබත්ගොඩදී පාලමේ එල්ලෙයි
(42)
(15730)
පියාසර කොමදෝරු කාමරයේ දී මරුට
(18)
(15335)
හීනෙන් දුටු පෙම්වතිය සොයා පෙම්වතා මහ රෑ ගෙදර ගිහින්
(16)
(14288)