කහවතට සුදුස්සා කවුරු ද?
2011 ඔක්තෝබර් මස 03 09:57:33 | අරුණ ශාන්ත කුමාර
10.පිසහළ කෙලෙස් මල
බිඳහළ පසිඳුරන් බල
සබවසිනි සුනිමල
පැවිදි දන කහවතට වෙති නිල
( දෙව්දත් තෙරුන් වෙනුවෙනි)
සඳැස් ගය- තිලක නවරත්න
යමක වග්ගෝ
10. යෝ ච වන්තකසාව’ස්ස සීලේසු සුසමාහිතෝ
උපේතෝ දමසච්චේන ස චේ කාසාවමරහති
නිදාන කතාව
දන් පිදිය යුත්තේ කොහොම ද?
සැරියුත් මුගලන් දෑග සව්වන් වහන්සේලා රජගහ නුවර වාසීන් ගේ ඇරියුම්ලැබුවා. දහසක් සඟපිරිස සමඟරජගහනුවරට වැඩම කළාවිසුමට ලැගුම්හල් ඈ පහසුකම් මනාව සලසා දන් පිළිගැන්නුවා.
සැරියුත් මහතෙරුන් විසිනු’යි අනුමෙවෙනි බන දෙසුනේ.
(1) දානය දීමෙහි දී කවරකු හෝ අනුන් සහභාගි නොකැරැගෙන තමන් තනි ව ම දන් දෙනවා නම් මතු බවයන්හි ඔවුනට ලැබෙන්නේ බෝග සම්පත් පමණයි.පිරිවර සම්පත්ති නම් ලබන්නේ නෑ.
(2) අනුන් සහභාගි කැරැගෙන අනුන් ලවා ම දන් දෙනවා නම් තමන් ගේ අතින් නොදෙන්නේ නම් ඔවුනට මතු බවයන්හි ලැබෙනුයේ පිරිවර සැප යි. බෝග සැපත් නො ලබයි.
(3) තමන් දෙන්නේත් නැතිනම් අනුන් සම්මාදම් කැරැගන්නේත් නැති නම් මතු බවයන් හි ඔවුනට පිරිස් සැප හෝ බෝග සැප හෝ යන දෙ සැප ම ලැබෙන්නේ නෑ.
(4) තමන් ද දෙනවා නම් අනුනුත් සහභාගි කැරැ ගන්නවා නම් දීමෙහි යෙදෙනවා නම්දීමෙහි යොදවනවා නම් ඔවුන් මතු බවයන් හි බෝග සැපත් ලබනවා. පිරිවර සැපත් ලබනවා. සුවිසල් ව යස ඉසුරු බව බෝග හිමි කරනවා.
මේඅනුමෙවෙනි බන ඇසූ රජගහවාසී නුවණැතියෙක් තීරණය කළා බොහෝ දෙනකු සමාදන් කැර දනක් දෙන්නට. සුදුසු තැනක් ද නියම කැරැගත්තා.
ලස්සයක්මිල සිවුරක් පිදීම
ඉතා සැදැහැති ව රජගහනුවරුන් දන් පිළියෙළ කළා. නොයෙක් දාන මාන පිළියෙළ කැරුණා. එක් පින්වතෙක් සුවඳ කැවූ නූලෙන් වියූ කහ සළුවක් පූජාව පිණිස ගෙනාවා. මේ අගනා ලස්සයක් මිල සිවුර කාට පූජා කරමු දැ යි විමසා කතා බහ කැරුණා. බොහෝ දෙනකු දෙව්දත් තෙරුනට පුදමු’යි යෝජනා කළා. දෙව්දත් හාමුදුරුවන් අපේ මඟුල් අවමඟුල්හිත් යනවා-එනවා. ලෙඩ-දුකේදීත් විමසා බලනවා. ඒ නිසා ‘දෙව්දත් හිමියන් සිවුරින් පුදමු’යි කළ යෝජනාව මුලට ආවා.
ඒ කහ සළුව සිවුරක් කැර දෙව්දත් තෙර පෙරැවූවා. එය හැඳ වඩිනු දකින තවත් සැදැහැතියෙක් කියනවා ‘මේ සිවුර දෙව්දත් තෙරුනට ඔබින්නේ නෑ සැරියුත් තෙරුනට නම් අපූරුවට ඔබිනවා.’ දෙපිරිසක් අතර ඇතිවූ මේ වාදුව බුදුරදුනට ද සැළ වුණා.
බුදුරදුන්විසින් පෙර අත් බවයෙක දී දෙව්දතුන් වැදි කුලයෙක ඉපිද වන ඇතකු හින්සා කැර මැරූ සැටි වදාළා.
පෙරත් බවයෙක දෙව්දත් වැද්දකු ව උපන්නා. වැදිකමින් ම වනයේ විසුවා. වනයේ පසේ බුදුවරයකු වැඩ සිටියා. උන්වහන්සේට ඇත් රැළක් වන්දනා කරනවා. ඒ දැක පසේ බුදුන් ගෙන් ම සිවුරක් සොරා ගෙනැ පොරොවා ඇතුන් වැනසුවා. ඒ නිමිතිකැරැ කෙලෙස් කසට දුරු නොකළ, ඉඳුරන් දමනය නොකළ, ඇත්ත නොකියන තැනැත්තා සිවුරට නුසුදුසු බවත් කෙලෙස් කසට අරුලූ සිල්වත් ඉඳුරන් සංවර කළ තැනැත්තා ම සිවුරට මනා බවත් වදාළා.
අදහස්(1)
බැලූවෝ (4046)කහවතට සුදුස්සා කවුරු ද? සඳහා ලැබී ඇති ප්රතිචාර.
සුජීව කන්නන්ගර 2011-10-05 08:59:39
හරිම අපූරුයි. ඔබට පින්
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ
(1)
(19131)
දේපොළ අරෝවට හෝටල හිමියා මරලා?
(4)
(18428)
ධීවරයාගේ බිරිය ගිය පයින් එයි
(0)
(16749)
සනෝජාට කඩුවෙන් බෙහෙත් දෙන්න හදලා
(6)
(15956)
තහනම කඩා දිවියෙන් වන්දි ගෙවයි.
(0)
(15698)
හිම කකා දෙමසක් පණ ගැටගසා ගනී
(10)
(15438)
බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි
(1)
(15188)